Thursday, February 23, 2017

බැලේ නර්තනය

බැලේ නර්තනය

බැලේ රංග කලාවේ ප්‍රභවය පිළිබද විමසීමේ දී එය ඉතාලියෙන් ප්‍රභවය වූ බව පෙනේ.මෙහි ප්‍රාථමික අවස්ථාව වුයේ ඉතාලියෙන් ප්‍රභවය වූ බව පෙනේ.මෙහි ප්‍රාථමික අවස්ථාව වුයේ ඉතාලි රාජකීයයන්ගේ ප්‍රිය සම්භාෂණ අවස්ථාවයි. මෙකී අවස්ථාව වුයේ ඉතාලි රාජකීයයන්ගේ ප්‍රිය සම්භාෂණ අවස්ථාවයි.මෙකී අවස්ථාවේ දී ඔවුනොවුන් ම රංගනයෙන් ඊට සහභාගී ඇති අතර, රාජකීය ආරාධිතයන් සතුටු කිරීමද මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
මෙසේ ආරම්භ වූ රංග කලාව 15 ශත වර්ෂයේ ඉතාලියේ හඳුන්වා ඇත්තේ “බැල්ලෝ(Ballo)”යන නමිනි.පුරාතන ඉතාලි නාමයක් වූ බැල්ලෝ යනු නැටුම (ඩාන්ස්) යන අර්ථය ගෙන දෙන වචනයකි.ඒ අනුව පසු කලෙක දී Bello යන වචනයට ඩාන්ස් යන වචනය භාවිත කර ඇත.පසුව එය බැලටෝ (balleto) යන නමින් හැඳින් වේ.ඉතාලි භාෂාව ප්‍රංශයට සංක්‍රමණය වීමත් සමඟ Ballet යන වචනය භාවිතයට පැමිණ ඇත.එසේ වෙතත් 15,16,17 යන සියවස් වල ඉතාලියේ ආරම්භ වූ මෙම රංග කලාව ප්‍රංශය කර ගොස් එහි සංවර්ධය වේ දියුණු වී ඇති බව ඉතා තොරතුරු තුලින් පෙනේ.
1489 දී ඉතාලියේ “තොතෝනා ” හි කුලීන පවුලක විවාහ උත්සවයක් සඳහා මුල්ම බැලේ නාට්‍ය රංග දක්වා ඇති බව පොත පතෙහි සඳහන් වේ.ග්‍රීක කතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම නාට්‍ය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ ඉතාලි පවුල් වල රාජකීයයන්ය.මෙය ආභාෂයට ගනිමින් පසු කලෙක ප්‍රංශයේද බැලේ නාට්‍ය බිහි වී ඇත.ඒ අනුව ප්‍රංශයේ සිටි ඉතාලි බිසවක් වූ කැතරින් ඩී. මෙඩිසිගේ මුලිකත්වය මත “බැලේ කොමික් ඩිලාරෙනේ” නම් බැලේ රංගනය 1581 දී ඉදිරිපත් කර ඇත.


බටහිර බැලේ තුලින් පිළිබිඹු වන විශේෂ ලක්ෂණ

  • රිද්මානුකුල  චලන ඇත.
  • පසුබිම් ගායනය නැත.
  • පාදයේ ඇඟිලි තුඩු වලින් රංගනය කරයි.
  • බටහිර වාද්‍ය භාණ්ඩ යොදා ගනී.
 




No comments:

Post a Comment