Tuesday, February 7, 2017

නර්තන කලාවේ ප්‍රභවය

සතුට, විනෝදාස්වාදය, ප්‍රීතිය සහ වින්දනය ලබා දෙන ප්‍රබල මාධ්‍යක් ලෙස අධ්‍යාපනය වුවද පිළිගැනෙන නර්තන කලාව  කවදා කෙසේ ඇති වී දැයි සිතා ගත නොහැකි තරමට එහි ප්‍රභවය ඈතට විහිදී යයි.නර්තනය දේවත්වයෙන් වෙන් කල නොහැක.එය දෙවියන්ගේ දායාදයකි.නර්තනයේ ප්‍රභවය මිනිස් සංහතියේ ආරම්භය තෙක්ම පැරණි බව කියවේ.එය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම පැවතී එන සජීවී කලාවකි.නර්තනයේ එකී අඛණ්ඩ ප්‍රවර්ධනය ආත්ම කොටගෙන ඇත්තේ ජීවත් වීම සඳහා මිනිසා සොබාදහම සමඟ කල සදාතනික අරගලයයි.

ආහාර, ආරක්ෂාව, ආදරය වැනි ඉතා ප්‍රථමික අවශ්‍යතා කීපයක් පමණක් ප්‍රමුඛ කොට සැලකු අපේ ආදී මුතුන් මිත්තෝ තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට පරිසරය සමඟ නිරන්තර අරගලයක නිරත වූහ.ඔවුනට අවශ්‍ය සියල්ල සපයා දී ඔවුන් තෘප්තිමත් කලේ සොබදහමයි.ඔවුන්ට විපත් කරදර සහ කම්කටොලු ඇති කර වේදනාවන්ට පත් කලේද සොබදහමයි.පරාජයට හෝ වෙහෙසට පත් වූ විට ඔවුන් කලේද සොබාදහමේ අචේතනික වස්තුන් කෙරෙහි සචේතනිකත්වයක් ආරෝපණය කර එයට ගෞරව දැක්වීමයි.නැතහොත් වැඳුම් පිදුම් කිරීමයි.පුදපූජා පැවැත්වීමයි.එමඟින් ඔවුන් සතුටට පත්කර තම අභිමතයන් ඉටු කර ගත හැකි යන හැඟීමෙන් ආදී මිනිසා කටයුතු කර ඇත.එබැවින් ඔවුන් විසින්ම දේවත්වය ආරෝපණය කරන ලද්දවුන් උදෙසා විවිධ පුද පූජා පවත්වයි.එමඟින් ඔවුන් සතුටට පත් කර තම අභිමතයන් ඉටු කර ගත හැකිය යන හැඟීමෙන් ආදී මිනිසා කටයුතු කර ඇත.එබැවින් ඔවුන් විසින්ම  දේවත්වය ආරෝපණය කරන ලද්දවුන් උදෙසා විවිධ පුද පූජා සහ යාග හෝම පවත්වන ලදී.මෙසේ දේවත්වය ආරෝපණය කර සොබාදහමේ වස්තුන් අතර ඉර ,හඳ, ගින්න, වැස්ස, සුළඟ, ගස්, ගල්, පර්වත අචේතනිය වස්තුන්ද විය.මොවුන් වෙනුවෙන් කරන පූජා වලදී විශේෂ අංගයක් වුයේ නර්තනය සහ සමාරෝපනයයි.මානව ඉතිහාසය දළ වශයෙන් කොටස් තුනකට බෙදේ.
  • පුර්ව ශිලා යුගය
  • මධ්‍ය ශිලා යුගය
  • නව ශිලා යුගය
පුර්ව ශිලා යුගයට අයත් නර්තනයක් ගැන තොරතුරු සෙවීම දුෂ්කරය.එහෙත් මධ්‍ය ශිලා සහ නව ශිලා යුග වලට අයත් ගුහා චිත්‍ර මඟින් ආදී මානවයාගේ නර්තන කලාව පිලිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර අගත හැක.මධ්‍ය ශිලා යුග වලට අයත් සිසිලියේ ඇති ගුහා චිත්‍රත් ස්පාඤ්ඤයේ ඇති මොරෙල්ලා සලා ගුහා චිත්‍රත් නර්තන කලාව පිළිබද මෙතෙක් සොයා ගෙන ඇති වටිනා ප්‍රාග් ඓතිහාසික සාධක වේ.

No comments:

Post a Comment