Thursday, February 23, 2017

භරත නර්තනය



භරත නර්තනය 

භාරතයේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් හතරකි.ඒවා නම් භරත, කථක්, කථකලී, මණිපුරිය, මින් භරත නාට්‍යම් දකුණු ඉන්දියාවේ මදුරාසිය, තාන්ජෝරය, ඩෙකෑන් ආදී ප්‍රදේශ ප්‍රධාන  කොට ගෙන ප්‍රභවය ලබා ඇත.භාව, රාග, තාල යන කොටස් තුනෙන් සමන්විත වූ හෙයින් “භාරත” යයිද මහා බ්‍රහ්ම තෙමේ වෙද සතරෙන් කොටස් ගෙන පස් වන වේදය වශයෙන් නිර්මාණය කරන ලද්දේ භරත යැයිද ඉතිහාස ගත තොරතුරු වල දැක්වේ. 

භරත නාට්‍යම් වූ කලී මුඛ්‍ය වශයෙන්ම කාන්තාවන් සඳහා වූ නැටුම් විශේෂයකි.මෙය මුල්ම අවදියෙහි රඟ දක්වන ලද්දේ දේව දාසීන් විසිනි.ඔවුහු දේවාල වල සේවය කරමින් දෙවියන්ට කැප වෙමින් මෙකී ශාස්ත්‍රය ඉගෙන ගත්හ.පසු කලෙක මොවුන්  දේවාලවල හා රජ මාලිගා වල භරත නාට්‍යම් රඟ දැක්වීමෙහි යෙදී සිටියෝය.මෙසේ ප්‍රභවය ලැබූ භරත නාට්‍ය ඇද පවතින තත්වය දක්වා ඉදිරිපත් කිරීමේ හා සකස් කිරීමේ ගෞරවය හිමි වන්නේ තාන්ජාවුර් සහෝදරයින් සිවු දෙනාටය.

භරත නාට්‍යම් සඳහා යොදා ගැනෙනුයේ දකුණු ඉන්දියාවේ සුප්‍රකට සංගීත සම්ප්‍රදායක් වන කර්ණාටක සංගීතයයි.තාල වාද්‍ය භාණ්ඩය වන්නේ මෘදංගයයි. ස්වර වාද්‍ය භාණ්ඩය ලෙස වීණාව, වයලීනය හා බට නලාව යොදා ගනී.සංගීත කණ්ඩායමේ ප්‍රධානියා නට්ටූවනාර් යන  නමින් හඳුන්වන අතර  තාලම්පට වාදනය ඔහු අතින් සිදු වේ.තාලම්පට නට්ටුවාංගම් ලෙස හඳුන්වන  අතර සංගීතඥයන් මුත්තුකාරයන් ලෙස හැඳින්වේ.පිරිමි සහ ගැහැණු වශයෙන් ගායකයින් දෙදෙනෙක් අනිවාර්යෙන් සිටිය යුතු අතර ගායනයට අනුකුලතාවක් වශයෙන් ස්‍රතිය හා තාම්පුරාව යොදා ගනී.




කථක් නර්තනය


උත්තර භාරතයේ ලක්නව් ජායිපුර් කේන්ද්‍ර කොට ගෙන කථක්නර්තන සම්ප්‍රදාය බිහි විය.උතුරු ඉන්දියාවේ කෝවිල් ආශ්‍රිත කථා කියන කුලයක් විසින් රාමායණය, මහා භාරතය ආදී වීර කාව්‍ය ගායනා ස්වරුපයෙන් ඉදිරිපත් කර ඇත.

මෙම කථා කියන්නා “කථක”  නමින් හඳුන්වා ඇති අතර පසුව මේවා චිත්තාකර්ශනීය කිරීමට හා රසිකයින්ට කතාව  පැහැදිලි කිරීමට ආංගික අභිනය හා මුද්‍රා භාවිත කර ඇත.පසු කාලීනව මේවා “කථක්” නමින් ගැඹුරු ශිල්ප ක්‍රම ඇතුලත් නර්තන ක්‍රමයක් වූ අතර මෝගල් අධිරාජ්‍ය යුගයේ දී මෙම නර්තනය මුස්ලිම් රජ මාලිගා තුලට පැමිණියේය.මහා අක්බාර් රජුගේ අනුග්‍රහය මෙම නෘත්‍යයට නොමදව ලැබී ඇත.

මෙසේ ප්‍රභවය ලැබූ කථක් නෘත්‍ය ගුරුකුල හතරකින් සමන්විත. ලක්නව්, දිල්ලි, ජායිපුර්, බෙනාරිස් යනු එම ගුරු කුල සතරයි.උත්තර භාරතීය හින්දුස්ථානී සංගීත සම්ප්‍රදායෙන් උපලක්ෂිත මෙහි ප්‍රධාන වාදය භාණ්ඩය වන්නේ තබ්ලාවයි.මීට අමතරව සාරංගිය, පක්වාජ් යන අවනද්ධ භාණ්ඩත් සිතාර්, සරෝද් වැනි භාණ්ඩත් යොදා ගනී.ආමද්, සලාම්, පරන්, ටුකඩා, චක්‍රධාර් පරන් , තත්කාර්, පල්ටා ආදී නර්තන අංග රාශියක් ඇති අතර, මෙම නර්තනයේ දී පාද චලනයට විශේෂ තැනක් හිමි වේ.ඒ වාගේම චක්‍ර හෙවත් කැරකීම ද මෙහි ඇති සුවිශේෂි ලක්ෂණයකි.

මෙහිද අංග රචනය සාමාන්‍ය අංග රචනයක් වන අතර, පිරිමි හා ගැහැණු ඇඳුම් කට්ටල ඇත.කාන්තා ඇඳුම් කට්ටලය දිගු සයක්, හැට්ටයක්, හිසට වේලයක්, බඳ පටියක් හා පාදයන්ට ගෙජ්ජි හා මාල, කරාබු, වළලු ආදිය යොදා ගනී. පිරිමින් සඳහා  පැරණි මොගල්වරුන්ගේ ඇඳුමට සමාන අත්දිග, දණහිස දක්වා විහිදී යන අයුරි සකස් වු ඇඳුමකි.යටිකය සඳහා ජෝතියක් යොදා ගනී.දෙපයට ගෙජ්ජි වල පළඳිනු ලැබේ.බොහෝ ලාස්‍ය නර්තනයන්ගෙන් හෙබි නර්තනයක් ලෙස කථක් නෘත්‍ය හැඳින්වීමය පුළුවන.

කථකලී නර්තනය

දකුණු ඉන්දියාවේ මලබාරය නමින් හැඳින්වෙන කේරල ප්‍රාන්තයේ ප්‍රචලිතව පවතින කථකලී  නැටුම            සාම්ප්‍රදායික ගැමි නාටක තුලින් ක්‍රමයෙන් වර්ධනය වූවකි.ඉතාමත් අසීරු නැටුම් අභ්‍යාසයන්ගෙන් සමන්විත නෘත්‍ය නාටකයක් වන මෙය තාණ්ඩ හා ලාස්‍ය යන කොටස් දෙකකින් යුක්තය.

කථකලී නැටුමේ මුල් අවස්ථාව රාමා නටීමයි.භාරතයේ මහා කාව්‍යයක් වන මහාභාරතය, රාමායණය, භගවත් ගීතාව යන කතා පුවත් ඇසුරින් සැකසුනු කථකලී නෘත්‍ය තුල මෙම කතා පුවත් රඟ දක්වා පෙන්වයි.රාම නාටම් කතා අටකින් සමන්විත අතර මෙම කථා පුවත් රඟ දැක්වීමට දින අටක් පමණ ගත වේ.

මහා කවි වල්ලතොල්නාරායන් මෙනන් කථකලී නැටුම දියුණු කිරීමට උරදුන් අතර මෙය ඉගැන්වීම සඳහා මොහු කේරල කළා මණ්ඩලයද පිහිටුවීමෙහි ලා පුරෝගාමී විය.කථකලී නැටුම ඉගෙන ගැනීම වයස අවුරුදු 10-12 අතැර කාලයේ දී කල යුතු අතර, පළමුවෙන්ම “කච්චකෙට්ට අභ්‍යාස” කරන අතර පළමු නෘත්‍ය අංගය වන කාලි ශාස්ත්‍රම් උගනී.ඉන් පසු තෝඩායම් හා පුරවාඩි යන අනග උගනී.මුද්‍රා භාවිතය මෙහි අත්‍යවශ්‍ය අංගයක් වන අතර, සම්යුක්ත, අසම්යුක්ත, මිශ්‍ර හා සමාන වශයෙන් ඒවා සිවු වැදෑරුම් වේ.ඉතා උසස් වේශ නිරුපනයක් ඇති මෙහි පච්චා,කත්ති, තාඩි, කාරී, මිනික්කු යනු එම අංග වේ.
 

මනිපූරි නර්තනය



උත්තර භාරතයේ ඉම්පාල් නගරයේ මනිපුරි ප්‍රදේශය මුල් කොට ගෙන මෙම නැටුම් සම්ප්‍රදාය ප්‍රභවය ලැබීය.ඉතාමත් ලාස්‍ය නැටුම් විශේෂයක් වන මෙම නෘත්‍ය ආගමික පදනමක් මත උපත ලැබීය.රාධා ක්‍රිෂ්ණා මත ගෙතුනු කතා රඟ දක්වමින් ඉතා ශුංගාරාත්මක රසයක් ගැබ්ව ඇති මෙහි රාස් ලීලා නම් නෘත්‍ය  තුලින් ක්‍රිෂ්ණාගේ හා රාධාගේ ජීවිතයේ එක් එක් අවස්ථාවන් නිරූපනය  කරයි.ලයිහරෝබා, භංගි පාරෙන්, චාලි ආදිය මෙහි නර්තන අංග වේ.

ගැහැනුන් හා පිරිමින් නර්තනයේ යෙදෙන අතර කුම්මි නම් සිලින්ඩරාකාර සයක් ගැහැනුන් අඳි.මනිපුරි වැසියන්ගේ අතින් ගෙත්තම් වූ මෙහි, අලංකාර මොස්තර ඇත.සුදු දුහුල් රෙද්දෙන් මසන ලද කෙටි සායක්ද, උඩු කය හා විල්ලුද හැට්ටයක් රිෂම්පුරිට් නම් ද වේ.ක්‍රිෂ්ණාගේ චරිතය යටි කයට දොතියක් අඳින අතර උඩු කය සඳහා කළු වර්ණයෙන් යුත් හැට්ටයක් අඳි.හිසෙහි චුරා නම් වූ මකුට පළඳනා වකි.ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස පුංග් බෙරය යොදා ගනී.මීට අමතරව කෝල් බෙරය, එස්රාජ්, සාරංගි, වස්දඬුව, මංජිරාව, පෙනකොම්බා යොදා ගනී.



No comments:

Post a Comment